Monday, April 23, 2012

හැමදාම හොයනවා.. 
ඒත් හොයාගන්න බෑ.. 
වෙලාවකට ලඟටම එනවා.. 
ආයිත් ඈතට යනවා.. 
දැන් නම් දුරයි කොහොමත්.. 
ඒත් ලගින් හිටියා නේද ?? 
දැන් මතකද ඒවා..? මාව මතකද ?? 
වෙලාවකට එපා වෙනවා.. ඒත් ආසයි.. :(
 කොච්චර එපා කිව්වත් තාමත් ඕනේ.. 
රෙද්ද මට නම් මල වදයක් මේක.. 
ඒ උනාට ඕනේ.. 
හිත තාමත් ඉල්ලනවා.. 
ඔව් ඔව් ඔයාව ඕනේ.
ඔයාට මම ආදරෙයි.. 


*විශේෂ ස්තුතිය..
මින්දද අයියාට (ඉමේජ් එක එයාගේ)

Tuesday, November 22, 2011

මේක අද (2011/11/22) වෙච්ච දෙයක්
මේත උන වෙලාවේ මට ඇත්තටම මාර කලකිරීමක් ඇති උනා

මෙ සිද්දිය වෙනලොට මම හිටියේ Internet Cafe එකේ
2010 (දෙවෙනි වතාවේ) O/L  කරපු කෙල්ලෙක් එයාගේ තාත්තා එකක් ආවා
එයා 2010 Exam ඒකේ Resalt බලන්න ඇවිත් තිබුන
මෙයා අරගෙන ආපු Index Number එක වැරදියි,
මේ කෙල්ල තාත්තාගේ සාක්කුවට අත දාලා Phone එකක් ගත්තා
අරන් කාට හරි කෝල් එකක් ගත්තා,
එයාගෙන් ආපහු Index Number එක අහගෙන ඒක ලියන්න හදනකොට
කරේ එල්ලන් ඉදපු Bag එක වැටෙන්න ගියා, මේක දැකපු තාත්තා බැග් එක අරන් පැත්තකින් තියන්න හැදුවා
මේ ළමයා මොකක්ද දන්නවාද කරේ

අර අහිංසක මනුස්සයාට ගස්සලා ආයෙත් බැක් එක කරේ එල්ල ගත්ත එක
අර අර අහිංසක මනුස්සයා හරිම අසරණ උනා මොකද මම ඒ පැත්ත බලාගෙන ඉදියේ
(කෙල්ල ටිකක් ලස්සනයි.)

ඒත් මට එපා උනා

තාත්තා අපිට ලේ කිරි කරලා නොදුන්නාට ,
අපිට ආදා‍රේ නොපෙන්නුවාට,
අපි ලග හැමතිස්සේම නොහිටියාට,
තාත්තා අපි නිසා අම්මාට වඩා දුක් විදිනවා නේද...???

අම්ම සදක් නම් තාත්තා ඒ ලෝකේ හිරැ නේද..??