Tuesday, April 24, 2012

අම්මට සිරි ..
මුන් දෙකේ දාලා __ වෙනි පාරට මොකක්ද මංගල්ලයක් කරලාය.. කියන විදිහට අවුරුදු උත්සවයකි..
එදා තමයි මම හරියටම මාස 5කට පස්සේ බ්ලෙග් එකේ මකුණු දැල් කැඩුවේ.. (ඒ කියන්නේ 22)

එදා එනකොටත් මේක පට්ටෙට වෙනස් වෙලා (කවදා උනාද දන්නේ නෑ) .. කලින් තිබ්බ බ්ලේග්ඉස්පොට් එක වගේ නෙමෙයි..
පොස් වෙලාය..
දැන් නම් කටක් ඇරලා බ්ලොග්ස්පොට් කියන්න පුළුවන්..  ෆේස් බුකියේ ටයිම් ලයිම වගේය.
මොකක් උනත් ඒක වැඩක් නෑ
මං කොටන්න ආවේ වෙන එකක්..

අපි සිරාවටම වෙනස් වෙලා නේ.. ??
පෙරෙයිදාද කොහෙද මං උදේ නිකන් බකන් නිලාගෙන ඉන්න කොට මීටර් උනේ..
යකෝ .. මං ඉදියේ කොතනද ?? ඉන්නේ කොතනද කියලා
දැන් ඉන්න තැන නම් කියලා වැඩක් නැත.. (ඉදපු තැන නම් මට හෙදයි) දැන් තමයි මොනා උනත් ජීවිතේ දැනෙන්නේ හරි.. විදවන්නේ හරි.
ඒකලේ නම් මාර ආතල්ය. ඒ කාලේ කව්වේ දහය එකොලහ වසරේදී වගේ..
සුපිරි ෆන් එකේ ඉදියා.. මේ තරම් බරක් වත් දැනුනේ නෑ..
ඉස්කොලේ යනවා , පන්ති යනවා. එන ගමන් කොල්ලෝ සෙට් වෙලා මෙනා හරි ජිල් බෝලයක් කරනවා.
ගොඩක් වෙලාවට වෙලිබෝල තමා ගහන්නේ.. මාර ෆන් තමයි.
ඒ කාලේ ෆෝන් ගැන කථා කලොත් මට මුලින්ම එකක් හම්බුනේ 11 දීය එක් නම් සුපිරියි 3ජී ත් තිබ්බා.
( බොරු මොකටද කෝල් ගන්න දන්නෙත් නෑ )

ඒ දවස් වල අපේ සෙට් එකේ හිටියා තිසර කියලා එකෙක්.
ඌ තමා ෆෝන් බස්සන්නේ විකාරයි .. සතියට දෙක තුනක් මාරු කරනවා.. අරක කියයි මේක කියයි..
අනේ මන්ද මම නම් ඒ කාලේ දන්නේ අර නයා ගහන ගේම ගහන්න විතරයි
ඒක ඒ දවස් වල හෙන ලොකුයි.. 1100 එකක් දැන් ඇපල් 4ජී ඇස් එකක් වගේ වටිනවා..
එහෙම ෆෝන් එකකට කෙල හල හල ඉන්නකොට තමා අරක හම්බුනේ..

මම මේ ලියන්න ගියෙත් ෆෝන එකක් ගැන නෙමෙයි..
අපි ගැන නේ.. පදුර වටේ තුළුවා ඇති වගේ

ඒ කාලේ 2008 දී මම ෆේස් බුක් අවිත් තියෙනේ. ලොවෙත් නෑ ඒ කාලේ ෆේක් කෙල්ලෝ ඉදියේ නෑ දැන් වගේ..  අහින්සක විදිහට ප්‍රොෆයිල් පින්තුරෙට කොහෙන් හරි අරගත්ත පින්තුර කෑල්ලක් තමා දාගෙන ඉදියේ.. මාර ලස්සනයි. උදේ පාන්දර ලොග් උන ගමන් ඒ වගේ කෙල්ලෙක් දැක්කත් වාසනාවයි..
දැන් ඒ වගේ කෙල්ලන් නැත..
ඉන්න කෙල්ලන්ගෙන් බහුතරය කුමාරිලා.. නැත්තම් සුරන්ගනාවන්.. අනේ මන්දා.
මුංගේ අම්මලා තාත්තාලා අමාරුවෙන් අකුරු ගලපාලා දාපු නම්.. මුගෙන් ප්‍රොෆයිල් පික්චර්ස් ගත්තහම තනි විකරයකි..
අත් දෙකේ එක්කෝ චිත්‍ර ඇදලා.. (අපරාදේ කියන්න බෑ මුං චිත්‍ර වලට නම් මාර දස්සයි)  නැත්තම් පාට පාට රබර් පටි දාලා. (ඒ කාලේ කිරි මුට්ටි වල ඕවා දාලා තිබ්බා මතකයි)
අනේ මන්දා..  ඒ විතරක් නම් කමක් නැත..
ගල් බෝතලයක් තුරුල් කරන් ගොඩක් වෙලාවට බඩ්ඩ වගේ පේන්න පින්තුර දානවා. අනේ මන්ද මුංගේ චූන්. අපේ උනුත් ගිහන් ඕවාට ලයික් කරනවා..  ඉතින් කෙල්ලෝ තව තව දානවා.
ස්ටේටස් එකක් දැම්මොත් හාට් එකක් දෙකක් අනිවා දානවා.
අනේ මන්ද . මේවා නම් මට හෙනටම අප්පිරය වෙච්ච නිසාමයි කොටන්න හිතුනේ..

මුන් කථා කරන්න වත් දන්නේ නැත.  ඉංග්‍රිසියෙන් කුණුහරප කියනා කෙල්ලෝ සිංහලෙන් පලයන් කිව්වත් අඩන ඇසක් කදුළු බිංදුක් දමයි.
මේව දකිද්දී අපේ ගොන් කොල්ලේ නකුට උඩ තියාගෙන ගිහින් අරුන් නලවනවා..
මට මොකෙක් කව්රු එක්ක අහවල් එකක් කරගත්තත් කමක් නෑ.
ඒත්
මං නම් මේ කියන්න හැදුවේ කෙල්ලෝ ගැන නෙමෙයි..
මට කාගෙවත් කොහෙවත් කෙල්ලොන්ගෙන් වැඩක් නෑ..
දැන් මට කෙල්ලෙකුත් නෑ ඒත් මේක වැරදිලා හරි කියවන උන්ගෙන් ඉල්ලනේන්
උඹලාගේ අක්කට., නංගිට, දුවට පුතාට මෙකාට හරි බුකියෝ පින්තුරයක් දාද්දී ආත්ම ගෞරවය බේරන් දානවානම් හොදයි.. නේද ??
දෙපාරක් හිතහල්ලා..
තේරෙන විදිහට කියනවා නම්

චාටර් පින්තුර දැක්කහම ඒවා අගයන්න යන්න එපා..
අපි හැමෝම ආසයි තමයි.. කමෙන්ට් ගෙඩක් වැටෙනවාට. ඒත් එහෙම කියලා ආත්මය කෙලෙසා ගන්න යන්න එපා.. 


0 අදහස් / උදහස්:

Post a Comment