Showing posts with label වල් පල්. Show all posts
Showing posts with label වල් පල්. Show all posts

Thursday, April 26, 2012

මම ලොක්කා වගේ මේ රෙද්ද අටවා ගත්තට ලියන්න දේකුත් නැති ගානයි..
කලින් හදාපුවාට වගේ කුජීත ඉරණමක් මේකටත් අත් නොවේවා.. 

අම්බෝ රක්ෂණය ටෙස්ට් එක මතක් වෙනකොටත් මොලේ කෙයිල් වෙනවාය.. මට එදා මගේ ජීවිතේ රක්ෂණය කරගන්න හිතුනා..
එදා නම් එපාම කරපු දවසකි..
දෙවිනි ලැජ්ජාවටත් බබා උක්කුන් වෙන බව මම එදා දැන හිත හදාගත්තෙමි..
 දවස් දෙකක්ම ගියා ටෙස්ට් එක ලියන්න..
ඒත් කොහෙද වැඩේ හරි ගියේ නෑ අන්තිමට ඉරිදා ගියා (ඒ කියන්නේ 22) .. ගිහින් කොහෙම හරි පන්තියට ගියා..
හුටා සර් නෑ කියාපි .. මට ටික්කා අන්ටිගේ මිනිහා මතක් උනා . ඇයි යකෝ සර් නේ අපිට එන්න කිව්වේ..
මත් එක්ක ගියා තව ගොබිලෙක්.. මාත් එකක් ක්ලාස් යන එකා. ඌ කිව්වා
අක්කේ සර් නේ එන්න කිව්වේ කියලා... අක්කත් කියාපි “මල්ලි සර් උදේ හිටියා .. දැන් ඇත්තේ අහවල් හෝල් එකේ කියලා. හෝල් එකක නමක් කිව්වා. ඉතින් අරුයි මමයි ගියා කිවමුකෝ නැට්ට අහවල් එකේ ගහගෙන''

ඕන් හෝල් එකට යද්දී සර් ගේ කටහඩ බෙලෙක් කටෙන් ඇහෙනවා..
අරුයි මමයි ගියා ඉතින් නේ කියලා.. ටැස්ට් එක ලියන්න.. කෙලිනවා ඉතින්.. මෙන්න මේකා කියාපි කොල ගෙනාවේ නැද්ද පුතා කියලා.. හුටා කොල ගන්න ගියාට මොකෝ ගන්න උනේ නෑ නේ..
අන්තිමට කොහොම හරි කොල ගේන්න කියලා පාරට ආවා..
ඇවිද්දා .. කියන්නේ කළුවා.. කෝට්ටේ ගියා වගේ..
හෙන වටයක් ගහලා අන්තිමය කොල හොයාගත්තා .. (ගාල්ලේ කොල ගන්න කඩ නැතුව නෙමේ. අවුරුද්දට වහලා)

කොහෙම කොහෙම හරි අරුයි මමයි .. කොල ටිකත් අරගෙන ගියා. ටෙස්ට් එක ලියන්න.
ටික්කාගෙන් ප්‍රශ්න තියෙන කොලෙත් ඉල්ලාගෙන.. අනේ වාසනාවන් .. ප්‍රශ්න 4යි තිබ්බේ..
උප කොටස් 5ගානේ.. පැය දෙකයි.. කොලේත් හොදට තිබ්බා.
උත්තර ලියන්න ගියහම තමයි බොක්කේ මයිල් කෙලින් උනේ..
මෙලෝ දෙයක් දන්නේ නෑ.. තනි ඇහට මාරුවෙන් මාරුවට ඇඩෙනාවා..




පට්ට පල් කෙබර ටිකක් සහජ හැකියාවෙන් ලියලා කොහොම හරි ගෙදර එන්න ස්ටෑන්ඩ් එකට ඇවිත් බස් එකක නැගලා ඔන්න එනවා.. ටිකටුත් ගත්තා (අපි හොරා යන්නෑ හරි.)

කොහෙම හරි ගෙවල් ලගට ඇවිත් බස් එකෙන් බැස්ස..
දැන් තමයි හොදම හරිය..

බැහැලා නිකමට පර්ස් එක බැලුවා..
අම්මි ගහයි කිව්වලු බඩු නෑ.. මොනා කරන්නද බස් එකත් ගියා..
දැන් කරන්න දෙයක් නෑ ටිකකින් එනවා අම්බෝ බෙන්ස් එකක් වගේ ත්‍රිවිල් එකක්  දැම්මා අත..
නැවැත්තුව මාත් ඉතින් නැග්ගා.. ගියේ නැතේ බස් එක පස්සෙන්..
වැලිගමටම යනකන් පැනුනව .. අන්තිමට බස් එක නම් හම්බුනා..
ඒත් පර්ස් එක නෑ..

මොන කරන්නද බැහලා ත්‍රිවීල් එකේම ගෙදරට පැද්දා..
ඒකටත් රු 450ක්ම ගත්තා..
නොදකින් කියන්නේ ලංකාවේ ඉන්න උන්ගේ මනුස්ස කම..
පර්ස් එක හොරා ගත්තා හෝ.. අහුලලා ගත්තා..
පර්ස් එකේ සල්ලි තිබ්බා.. මේක ගත්ත එකාට ඒ සල්ලි වලින් හරි රු 10 වත් වියදම් කරාලා ID එක පෝස්ට් කරලා තරම් වත් මනුස්ස කමක් නැති එක මිනිස්සු ඉන්නේ. මොනා කරන්නද ??



දැන් මාස ගානක් තිස්සේඩ වවාගෙන ඉදපු රැවුලත් කැපුව අද උදේ..
දැන් අළුතින් ID එකක් ගන්නත් එපැයා..
මං දැන් යනවා කණ පේන්න පින්තුර කෑල්ලක් ගහ ගන්න..

කට්ටියට ලස්සන දවසක්..

Tuesday, April 24, 2012

අම්මට සිරි ..
මුන් දෙකේ දාලා __ වෙනි පාරට මොකක්ද මංගල්ලයක් කරලාය.. කියන විදිහට අවුරුදු උත්සවයකි..
එදා තමයි මම හරියටම මාස 5කට පස්සේ බ්ලෙග් එකේ මකුණු දැල් කැඩුවේ.. (ඒ කියන්නේ 22)

එදා එනකොටත් මේක පට්ටෙට වෙනස් වෙලා (කවදා උනාද දන්නේ නෑ) .. කලින් තිබ්බ බ්ලේග්ඉස්පොට් එක වගේ නෙමෙයි..
පොස් වෙලාය..
දැන් නම් කටක් ඇරලා බ්ලොග්ස්පොට් කියන්න පුළුවන්..  ෆේස් බුකියේ ටයිම් ලයිම වගේය.
මොකක් උනත් ඒක වැඩක් නෑ
මං කොටන්න ආවේ වෙන එකක්..

අපි සිරාවටම වෙනස් වෙලා නේ.. ??
පෙරෙයිදාද කොහෙද මං උදේ නිකන් බකන් නිලාගෙන ඉන්න කොට මීටර් උනේ..
යකෝ .. මං ඉදියේ කොතනද ?? ඉන්නේ කොතනද කියලා
දැන් ඉන්න තැන නම් කියලා වැඩක් නැත.. (ඉදපු තැන නම් මට හෙදයි) දැන් තමයි මොනා උනත් ජීවිතේ දැනෙන්නේ හරි.. විදවන්නේ හරි.
ඒකලේ නම් මාර ආතල්ය. ඒ කාලේ කව්වේ දහය එකොලහ වසරේදී වගේ..
සුපිරි ෆන් එකේ ඉදියා.. මේ තරම් බරක් වත් දැනුනේ නෑ..
ඉස්කොලේ යනවා , පන්ති යනවා. එන ගමන් කොල්ලෝ සෙට් වෙලා මෙනා හරි ජිල් බෝලයක් කරනවා.
ගොඩක් වෙලාවට වෙලිබෝල තමා ගහන්නේ.. මාර ෆන් තමයි.
ඒ කාලේ ෆෝන් ගැන කථා කලොත් මට මුලින්ම එකක් හම්බුනේ 11 දීය එක් නම් සුපිරියි 3ජී ත් තිබ්බා.
( බොරු මොකටද කෝල් ගන්න දන්නෙත් නෑ )

ඒ දවස් වල අපේ සෙට් එකේ හිටියා තිසර කියලා එකෙක්.
ඌ තමා ෆෝන් බස්සන්නේ විකාරයි .. සතියට දෙක තුනක් මාරු කරනවා.. අරක කියයි මේක කියයි..
අනේ මන්ද මම නම් ඒ කාලේ දන්නේ අර නයා ගහන ගේම ගහන්න විතරයි
ඒක ඒ දවස් වල හෙන ලොකුයි.. 1100 එකක් දැන් ඇපල් 4ජී ඇස් එකක් වගේ වටිනවා..
එහෙම ෆෝන් එකකට කෙල හල හල ඉන්නකොට තමා අරක හම්බුනේ..

මම මේ ලියන්න ගියෙත් ෆෝන එකක් ගැන නෙමෙයි..
අපි ගැන නේ.. පදුර වටේ තුළුවා ඇති වගේ

ඒ කාලේ 2008 දී මම ෆේස් බුක් අවිත් තියෙනේ. ලොවෙත් නෑ ඒ කාලේ ෆේක් කෙල්ලෝ ඉදියේ නෑ දැන් වගේ..  අහින්සක විදිහට ප්‍රොෆයිල් පින්තුරෙට කොහෙන් හරි අරගත්ත පින්තුර කෑල්ලක් තමා දාගෙන ඉදියේ.. මාර ලස්සනයි. උදේ පාන්දර ලොග් උන ගමන් ඒ වගේ කෙල්ලෙක් දැක්කත් වාසනාවයි..
දැන් ඒ වගේ කෙල්ලන් නැත..
ඉන්න කෙල්ලන්ගෙන් බහුතරය කුමාරිලා.. නැත්තම් සුරන්ගනාවන්.. අනේ මන්දා.
මුංගේ අම්මලා තාත්තාලා අමාරුවෙන් අකුරු ගලපාලා දාපු නම්.. මුගෙන් ප්‍රොෆයිල් පික්චර්ස් ගත්තහම තනි විකරයකි..
අත් දෙකේ එක්කෝ චිත්‍ර ඇදලා.. (අපරාදේ කියන්න බෑ මුං චිත්‍ර වලට නම් මාර දස්සයි)  නැත්තම් පාට පාට රබර් පටි දාලා. (ඒ කාලේ කිරි මුට්ටි වල ඕවා දාලා තිබ්බා මතකයි)
අනේ මන්දා..  ඒ විතරක් නම් කමක් නැත..
ගල් බෝතලයක් තුරුල් කරන් ගොඩක් වෙලාවට බඩ්ඩ වගේ පේන්න පින්තුර දානවා. අනේ මන්ද මුංගේ චූන්. අපේ උනුත් ගිහන් ඕවාට ලයික් කරනවා..  ඉතින් කෙල්ලෝ තව තව දානවා.
ස්ටේටස් එකක් දැම්මොත් හාට් එකක් දෙකක් අනිවා දානවා.
අනේ මන්ද . මේවා නම් මට හෙනටම අප්පිරය වෙච්ච නිසාමයි කොටන්න හිතුනේ..

මුන් කථා කරන්න වත් දන්නේ නැත.  ඉංග්‍රිසියෙන් කුණුහරප කියනා කෙල්ලෝ සිංහලෙන් පලයන් කිව්වත් අඩන ඇසක් කදුළු බිංදුක් දමයි.
මේව දකිද්දී අපේ ගොන් කොල්ලේ නකුට උඩ තියාගෙන ගිහින් අරුන් නලවනවා..
මට මොකෙක් කව්රු එක්ක අහවල් එකක් කරගත්තත් කමක් නෑ.
ඒත්
මං නම් මේ කියන්න හැදුවේ කෙල්ලෝ ගැන නෙමෙයි..
මට කාගෙවත් කොහෙවත් කෙල්ලොන්ගෙන් වැඩක් නෑ..
දැන් මට කෙල්ලෙකුත් නෑ ඒත් මේක වැරදිලා හරි කියවන උන්ගෙන් ඉල්ලනේන්
උඹලාගේ අක්කට., නංගිට, දුවට පුතාට මෙකාට හරි බුකියෝ පින්තුරයක් දාද්දී ආත්ම ගෞරවය බේරන් දානවානම් හොදයි.. නේද ??
දෙපාරක් හිතහල්ලා..
තේරෙන විදිහට කියනවා නම්

චාටර් පින්තුර දැක්කහම ඒවා අගයන්න යන්න එපා..
අපි හැමෝම ආසයි තමයි.. කමෙන්ට් ගෙඩක් වැටෙනවාට. ඒත් එහෙම කියලා ආත්මය කෙලෙසා ගන්න යන්න එපා..