Showing posts with label අත්දැකීම්. Show all posts
Showing posts with label අත්දැකීම්. Show all posts

Sunday, April 29, 2012

අෆ්ෆා .. ලියන්න දෙයක් නැතුව වේලෙන කොට මරු මේව්වා එකක්
බුකුයේ කෙල්ලෙක් මට පාදලා දුන්නාය..
සේ පළමුව ඔන්න තෑන්ක්ස් ඔයාට (නම දාන එක කුජීතයි නේ..)

හිකිස්..

මං ඉස්සෙල්ලාම ඔයාලගෙන් අහන්නේ
ඔයා
ඔයාගේ පෙම්වතාට / පෙම්වතීට අයියා හෝ නංගී කියා කියනවාද ??(උඔලා මොනා කිව්වත් මට කමක් නෑ)

හිකිස්.. 99% ක්ම

ඔව් නේද ???

ඇයි අෆ්ෆා තමන්ගේ (වෙන්න හෝ වෙච්ච) මනුස්සයාට  අයියා / ගෑණිට නංගී කියන්නේ.. ??

මට මේක මාර අවුලක්.. කෙල්ලෙක් එක්ක කථා කරන්නත් බයයි..
ඒකි අයියා කියලා කිව්වහම මොන රෙද්දට කියනවාද කියලා හිතාගන්න බෑ නේ...


දැන් ඉන්න උන් අම්මාට කියන්නේ අම්මී කියාය..
තාත්තා තාත්තීය.. මේකේ මූලාරම්භය මං හිතන්නේ මුන් කිරි බීලා හැදුන උන් නෙමෙයි..
කුක්කු බීලා හැදුන උන් නේ ඉන්නේ..
ෆිගර් එක අවුල් වෙනවාට අම්මලා කිරි දෙන්නේත් නැත.. කුක්කු කුඩු වතුරට දාලා කලත්තලා නේ දෙන්නේ..
ඉතින් ඕවා බීපු උන්ගේ අම්මලා අම්මී වෙනවාය..  තාත්තා තාත්තී වෙනවාය..

කොහොම උනත් තොපි සැට් වෙලා අපේ සංස්කෘතිය කනවාය..
බොලා පොෂ් වෙන්න කියලා කරන්නේ.. අපේ අනන්‍යතාව කන එක විතරයි..
මං දන්න තරමින් ලෝකේ සිංහල කථා කරන එකම රට ලංකාව විතරයි.. 

එහෙම වෙලත් අපි ඇයි අපේ බස විකෘති කරන්නේ.. ??
අපි අපේ භාෂාව රැකගමු..
හම්බයන් පන්නන්න කියල ලෝකෙට කෑ ගහලා..
මූණු පොතේ රගන උඔලා රට රැක ගන්න කලින් තමන්ගේ භාෂාව රැකගන්න එක හොදයි නේද ??

අපි අපේ අනන්‍යතාව ගොඩ නගමු එතකොට එකෙකුටවත් අපිට විරුද්ද වෙන්න බෑ..



* ප.ලි
මේක ජාතිවාදී පොස්ට් එකක් නෙමේ..
බොරුවය එක එකාලා හදන පින්තූර ශෙයාර් කරන්න කලින් .. මේ ගැන හිතලා බලන්න..

**
ප.ප.ලි
බ්ලොග් ලියලා මේ රටේ මිනිස්සු හදන්න බෑ කියලා මං දන්නවා..
ඒත් කැමති උන් හැදෙන්නේ නැතැයි..

*** ප.ප.ප.ලි
මම හැමදාම ලියන්න පටන් ගන්න ඒකෙන් නෙමෙයි ඉවර වෙන්නේ..
සික් අදත් ඒකමයි උනේ

Saturday, April 28, 2012


අෆ්ෆා.. දැන් මේ ජඩයෝ ලිබියාවත් විකුණාගෙන කන්න පටන් අරගෙන..
ඊයේද කොහෙද මූණු පොතේ කෙල්ලෙක් මට මැසේජ් එකක් එවලා තිබ්බා..
ඊ මේල් ඇඩ්රස් එකක් දීලා. මැසේජ් එකක් දාන්න කියලා..
ඉතින් මටත් මාර හැපි.. ඇයි අෆ්ෆා .. මොකෙක් උනත් කෙල්ලෙක් නේ..
මේල් එක දැම්මොත් පින්තුරත් එවන්නම් කිව්වා..
මං ඉතින් දෙපාරක් හිතන්නේ නැතුවම යැව්වා මේල් එකක්..
අනේ සොයි කෙල්ල..

මේ තියෙන්නේ එවාපු එක..


මේ ලත්තන පින්තූලක් එකක් මේ මේල් එකත් එවලා තිබ්බා..
අනේ ඇත්තට මේවගේ ලණු කන බූරුවොත් ඉන්නවාද අෆ්ෆා..?? ලංකාවේ නම් නැතුව ඇති
ඔන්න ඔයාලටත් මේක ආවොත් මේ කෙල්ලට උදව්වක් කලන්න හොදේ..
අහිංසක කියුට් පාටයි නේද??


මෙන්න පහල තියෙනවා එවාපු මේල් එක..
මට නමි මේක කියෙව්වට වැඩිය මුකුත් හිතුනේ නෑ ..හරියටම කඩු ෆයිට් බැරි නිසා..

මෙන්න මේල් එක

Hello dearest,
thank you for your reply. Actually, i decided to tell you my problems,
my name is aliyah Morgan. i came from Liberia in west africa, but grew up in Libya.
I am the only child of late Dr William Morgan, this is my photo.
my late father was a real estate and gold merchant in tarabulus, Lybia where we lived.

but my parents were victims of an explosion that happened in BENGHAZI ,when they were in the car coming home,here is the explosion picture http://www.youtube.com/watch?v=ztZXjs8Jn7M. The death of my parents gave me a big shock of my life and there was nobody to console me because many people were also victims of bullets, missiles and explosions.
after the burial, i had to find my way out of libya with other people who were also running out of the country, and i was able to make my way to senegal where i stay now in a missionary quarters.

I have nothing here. but long time ago, my late father deposited  a big sum of money for me in a foreign bank as his only child in the united kingdom.

when i came here. i informed the bank that my father is dead. that i want to take the money from the bank to continue my life. but the bank told me to come to the bank with the documents. or, i should provide a bank account where this money can be transfered for me. but now, i don't have money to travel to united kingdom, and i don't have a bank account where this money can be transfered for me.
please my friend, i want you to be kind to help me transfer this money to your bank account, after the transfer to your bank account, you shall send me some money to prepare my traveling documents to come and meet you in your country, to start a new life and continue my education too.
please let me know what you decide about this? write me as soon,as you get this letter. thank you.
from Aliyah                                                                            

Thursday, April 26, 2012

මම ලොක්කා වගේ මේ රෙද්ද අටවා ගත්තට ලියන්න දේකුත් නැති ගානයි..
කලින් හදාපුවාට වගේ කුජීත ඉරණමක් මේකටත් අත් නොවේවා.. 

අම්බෝ රක්ෂණය ටෙස්ට් එක මතක් වෙනකොටත් මොලේ කෙයිල් වෙනවාය.. මට එදා මගේ ජීවිතේ රක්ෂණය කරගන්න හිතුනා..
එදා නම් එපාම කරපු දවසකි..
දෙවිනි ලැජ්ජාවටත් බබා උක්කුන් වෙන බව මම එදා දැන හිත හදාගත්තෙමි..
 දවස් දෙකක්ම ගියා ටෙස්ට් එක ලියන්න..
ඒත් කොහෙද වැඩේ හරි ගියේ නෑ අන්තිමට ඉරිදා ගියා (ඒ කියන්නේ 22) .. ගිහින් කොහෙම හරි පන්තියට ගියා..
හුටා සර් නෑ කියාපි .. මට ටික්කා අන්ටිගේ මිනිහා මතක් උනා . ඇයි යකෝ සර් නේ අපිට එන්න කිව්වේ..
මත් එක්ක ගියා තව ගොබිලෙක්.. මාත් එකක් ක්ලාස් යන එකා. ඌ කිව්වා
අක්කේ සර් නේ එන්න කිව්වේ කියලා... අක්කත් කියාපි “මල්ලි සර් උදේ හිටියා .. දැන් ඇත්තේ අහවල් හෝල් එකේ කියලා. හෝල් එකක නමක් කිව්වා. ඉතින් අරුයි මමයි ගියා කිවමුකෝ නැට්ට අහවල් එකේ ගහගෙන''

ඕන් හෝල් එකට යද්දී සර් ගේ කටහඩ බෙලෙක් කටෙන් ඇහෙනවා..
අරුයි මමයි ගියා ඉතින් නේ කියලා.. ටැස්ට් එක ලියන්න.. කෙලිනවා ඉතින්.. මෙන්න මේකා කියාපි කොල ගෙනාවේ නැද්ද පුතා කියලා.. හුටා කොල ගන්න ගියාට මොකෝ ගන්න උනේ නෑ නේ..
අන්තිමට කොහොම හරි කොල ගේන්න කියලා පාරට ආවා..
ඇවිද්දා .. කියන්නේ කළුවා.. කෝට්ටේ ගියා වගේ..
හෙන වටයක් ගහලා අන්තිමය කොල හොයාගත්තා .. (ගාල්ලේ කොල ගන්න කඩ නැතුව නෙමේ. අවුරුද්දට වහලා)

කොහෙම කොහෙම හරි අරුයි මමයි .. කොල ටිකත් අරගෙන ගියා. ටෙස්ට් එක ලියන්න.
ටික්කාගෙන් ප්‍රශ්න තියෙන කොලෙත් ඉල්ලාගෙන.. අනේ වාසනාවන් .. ප්‍රශ්න 4යි තිබ්බේ..
උප කොටස් 5ගානේ.. පැය දෙකයි.. කොලේත් හොදට තිබ්බා.
උත්තර ලියන්න ගියහම තමයි බොක්කේ මයිල් කෙලින් උනේ..
මෙලෝ දෙයක් දන්නේ නෑ.. තනි ඇහට මාරුවෙන් මාරුවට ඇඩෙනාවා..




පට්ට පල් කෙබර ටිකක් සහජ හැකියාවෙන් ලියලා කොහොම හරි ගෙදර එන්න ස්ටෑන්ඩ් එකට ඇවිත් බස් එකක නැගලා ඔන්න එනවා.. ටිකටුත් ගත්තා (අපි හොරා යන්නෑ හරි.)

කොහෙම හරි ගෙවල් ලගට ඇවිත් බස් එකෙන් බැස්ස..
දැන් තමයි හොදම හරිය..

බැහැලා නිකමට පර්ස් එක බැලුවා..
අම්මි ගහයි කිව්වලු බඩු නෑ.. මොනා කරන්නද බස් එකත් ගියා..
දැන් කරන්න දෙයක් නෑ ටිකකින් එනවා අම්බෝ බෙන්ස් එකක් වගේ ත්‍රිවිල් එකක්  දැම්මා අත..
නැවැත්තුව මාත් ඉතින් නැග්ගා.. ගියේ නැතේ බස් එක පස්සෙන්..
වැලිගමටම යනකන් පැනුනව .. අන්තිමට බස් එක නම් හම්බුනා..
ඒත් පර්ස් එක නෑ..

මොන කරන්නද බැහලා ත්‍රිවීල් එකේම ගෙදරට පැද්දා..
ඒකටත් රු 450ක්ම ගත්තා..
නොදකින් කියන්නේ ලංකාවේ ඉන්න උන්ගේ මනුස්ස කම..
පර්ස් එක හොරා ගත්තා හෝ.. අහුලලා ගත්තා..
පර්ස් එකේ සල්ලි තිබ්බා.. මේක ගත්ත එකාට ඒ සල්ලි වලින් හරි රු 10 වත් වියදම් කරාලා ID එක පෝස්ට් කරලා තරම් වත් මනුස්ස කමක් නැති එක මිනිස්සු ඉන්නේ. මොනා කරන්නද ??



දැන් මාස ගානක් තිස්සේඩ වවාගෙන ඉදපු රැවුලත් කැපුව අද උදේ..
දැන් අළුතින් ID එකක් ගන්නත් එපැයා..
මං දැන් යනවා කණ පේන්න පින්තුර කෑල්ලක් ගහ ගන්න..

කට්ටියට ලස්සන දවසක්..