ඌ ඉන්නවා දැක්කහම මට ඇති උනේ පුදුම සතුටක්..
අවුරුදු 18 ක් තිස්සේ මම දැකපු හීනේ හැබෑ වෙන්නයි යන්නේ..
ඒ බල්ලා හිනා වෙන ලස්සන. මගෙ ඇස් දෙකට කාලෙකට පස්සෙ කදුළු ආවා
ඔව් මට ඒ හැම දේම මතක් උනා.. මට ඇඩෙන්නේ දුකටද සතුටටද ..
කව්ද මගේ පිටට ගැහුවා.. මම ගැස්සිලා ගියා..
මොකද බං අඩන්නේ.. වෙන කව්රුවත් නෙමෙයි.. මගේ බොක්ක.. දකුණු අත.. මාත් එක්ක මැරෙන්න උනත් ඉන්න එකා..
අව්රුදු ගානක් තිස්සේ පස්සෙන් පන්නපු ටාර්ගට් එක.. මගේ ඉස්සරහා බං. මං පොඩ්ඩෙට කිව්වා.
මට තියෙන්නේ වෛරයක්ද .. මම වැරදිද.. පෙලීසියට නම් මම වැරදිකාරයෙක්..
ඒත් මගේ හෘද සාක්ෂියට අනුව නීතිය මාව එල්ලලා මුරුවත් මට දුකක් නෑ.. මම නිවැරිදියි..
මෙව්චර කාලෙකට උන්ට ඔප්පු කරලා දඩුවම් දෙන්න බැරි උන වරදට මම දඩුවම් දෙන්න යන්නේ.
මමයි පොඩ්ඩෙයි උගේ පස්සෙන් පන්නගෙන ගියා..
ඌ තේ හංදියේ නයිට් කඩේටයි රිංගුවේ..
අපිත් ගියා..
මල්ලි කොත්තුදෙකක් දෙන්න.. මං ඉල්ලුවා..
අර මූසලයා ආප්ප කනවා.. මට තවත් ඉන්න බෑ.. ඉනේ තිබුන පිස්තෝලේ තියෙනවාද කියලා අල්ලලා බැලුවා... දැන් තමයි වෙලාව.. මම කල්පනා කරනවා .. මෙච්චර කාලෙකට මේ වගේ අමණයෝ කීයක් නම් මරලා ඇත්ද ?? ඒත් කවදාවත් නොදැනුන තරම් අද බයයි.. මොකද මංදා. මම වෙලාව බැලුවා..
9.47යි. කඩේ අපිත් එක්කම 5 දෙනයි මුදලාලියි කඩේ වැඩ කරන උන් දෙන්නයි විතරයි ඉන්නේ..
මචං අරූ යන්න හදන්නේ.. පොඩ්ඩෙ කියද්දි මගේ බය තවත් වැඩි උනා, මම බලනකොට කළු චන්දනයා එලියට යන්න හදනවා .. ඌ ආයිත් හැරිලා මුදලාලි සිගරට් එකක්.....
මූ සිගරට් එකත් කටේ ගහගෙන ආයෙත් එලියා බහිනවා. පොඩ්ඩේ රතූට කියපන් ... කියාගෙන මම නැගිට්ටා.
ඉනේ තිබුන පිස්තේලේ අරූගෙ ඔළුවට තිව්වා..
අඩෝ චන්දනයා .. වරනේ තොගේ අවසානේ අද .. කියද්දිම රතූගේ වීල් එක .. මමයි පොඩ්ඩෙයි චන්දනයාගේ බෙල්ලෙන් ඇදගෙ වීල් එකේ.. වීල් එක නැවතුනේ අපේ පොට් එකේ.. මගදී චන්දයනයාට දගලද්දී ගහපු පාරට ඌට තාම සිහියනෑ.. අපි ඌව ගැට ගහලා දම්මා.
ඌට සිහිය එද්දී 1 විතර වෙලා..
මට තාම මතකයි යකෝ.. මම කෑ ගැහුවා..
(මතු සම්බන්දයි..)