Thursday, June 28, 2012


අයියූ..  සල්ලී... මෙන්න අභාගේ කාල සටහන.. 


අගොස්තු 06 
Econ I (1230 - 1430) කොපි කරලා හරි කොටු කපන්න නොවැ ඒක ශේප්..
අගොස්තු 07
Econ II (1230 - 1530) මේක නම් සොරිම තමා.. මුකුත් මතක නෑ ලඟ එකාගේ පිහිට තමා..
අගොස්තු 09
BS I (0830 - 1030) කොපියක් ගහලා.. බොරුවක් ලියලා ගොඩ යයි.. 
අගොස්තු 10 
BS II (0830 - 1130) මේක නම් ඉතින් බොරු ලියලාම නේ ගොඩ යන්න තියෙන්නේ..
අගොස්තු 18 (දවසම ඉවරයි..)
General English I (0830 - 1130)
General English II (1230 - 1500)


හෙන ගැප් එකක් තියෙන නිසා රත්නෙ අංකල් . ක්ලාස් දාවි.. අෆෝ 1500ක්


අගොස්තු 24
Accounting I (0830 - 1030) සොරිම තමා.. 
අගොස්තු 27
Accounting II (0830 - 1130) නිදාගන්න පුළුවන් 
අගොස්තු 30 
Common General Test  (0830 - 1100) අම්මියෝ කරුමේ ඉවරයි.. 


දැන් ඉතින් සතියක් ඉදලා ආයේ රිවිශන් යන්න ක්ලාස් හොයහල්ලා කේ.. . 

වෙඩිල්ල දෙක ලියමින් පවතී......

Wednesday, June 20, 2012



ඌ ඉන්නවා දැක්කහම මට ඇති උනේ පුදුම සතුටක්..
අවුරුදු 18 ක් තිස්සේ මම දැකපු හීනේ හැබෑ වෙන්නයි යන්නේ..
ඒ බල්ලා හිනා වෙන ලස්සන. මගෙ ඇස් දෙකට කාලෙකට පස්සෙ කදුළු ආවා
ඔව් මට ඒ හැම දේම මතක් උනා.. මට ඇඩෙන්නේ දුකටද සතුටටද ..

කව්ද මගේ පිටට ගැහුවා.. මම ගැස්සිලා ගියා..
මොකද බං අඩන්නේ.. වෙන කව්රුවත් නෙමෙයි.. මගේ බොක්ක.. දකුණු අත.. මාත් එක්ක මැරෙන්න උනත් ඉන්න එකා..

අව්රුදු ගානක් තිස්සේ පස්සෙන් පන්නපු ටාර්ගට් එක.. මගේ ඉස්සරහා බං. මං පොඩ්ඩෙට කිව්වා.

මට තියෙන්නේ වෛරයක්ද .. මම වැරදිද.. පෙලීසියට නම් මම වැරදිකාරයෙක්..
ඒත් මගේ හෘද සාක්ෂියට අනුව නීතිය මාව එල්ලලා මුරුවත් මට දුකක් නෑ.. මම නිවැරිදියි..
මෙව්චර කාලෙකට උන්ට ඔප්පු කරලා දඩුවම් දෙන්න බැරි උන වරදට මම දඩුවම් දෙන්න යන්නේ.

මමයි පොඩ්ඩෙයි උගේ පස්සෙන් පන්නගෙන ගියා..

ඌ තේ හංදියේ නයිට් කඩේටයි රිංගුවේ..
අපිත් ගියා..
මල්ලි කොත්තුදෙකක් දෙන්න.. මං ඉල්ලුවා..
අර මූසලයා ආප්ප කනවා.. මට තවත් ඉන්න බෑ.. ඉනේ තිබුන පිස්තෝලේ තියෙනවාද කියලා අල්ලලා බැලුවා... දැන් තමයි වෙලාව.. මම කල්පනා කරනවා .. මෙච්චර කාලෙකට මේ වගේ අමණයෝ කීයක් නම් මරලා ඇත්ද ?? ඒත් කවදාවත් නොදැනුන තරම් අද බයයි.. මොකද මංදා. මම වෙලාව බැලුවා..
9.47යි. කඩේ අපිත් එක්කම 5 දෙනයි මුදලාලියි කඩේ වැඩ කරන උන් දෙන්නයි විතරයි ඉන්නේ..

මචං අරූ යන්න හදන්නේ.. පොඩ්ඩෙ කියද්දි මගේ බය තවත් වැඩි උනා, මම බලනකොට කළු චන්දනයා එලියට යන්න හදනවා .. ඌ ආයිත් හැරිලා මුදලාලි සිගරට් එකක්.....

මූ සිගරට් එකත් කටේ ගහගෙන ආයෙත් එලියා බහිනවා. පොඩ්ඩේ රතූට කියපන් ... කියාගෙන මම නැගිට්ටා.
ඉනේ තිබුන පිස්තේලේ අරූගෙ ඔළුවට තිව්වා..
අඩෝ චන්දනයා .. වරනේ තොගේ අවසානේ අද .. කියද්දිම රතූගේ වීල් එක .. මමයි පොඩ්ඩෙයි චන්දනයාගේ බෙල්ලෙන් ඇදගෙ වීල් එකේ.. වීල් එක නැවතුනේ අපේ පොට් එකේ.. මගදී චන්දයනයාට දගලද්දී ගහපු පාරට ඌට තාම සිහියනෑ..  අපි ඌව ගැට ගහලා දම්මා.

ඌට සිහිය එද්දී 1 විතර වෙලා..

මට තාම මතකයි යකෝ.. මම කෑ ගැහුවා..

(මතු සම්බන්දයි..)

Friday, June 15, 2012

රිදෙනකොටයි ඇරලා බැලුවෙ ආතල් එකට වගේ..
බැලවම පෙනේ මරියානාව වගේ..
ගලවන්න වෙයිද කලින් වගේ..
ලේන දුන්න එකට කෙලවිලා වගේ..
.
.
.
.
.
.
.
අම්මෝ මුං විකුණනකෙට කියන්නේ දස් සැට් එකට ක්ලෝමෝ වැදුනත් කිසි අවුලක් වෙන්නේ නෑ කියලා..
දකත් මගේ උයියා උනාමයි අෆ්ෆා මාර සනිපයි..
අද උදේ කණ්නාඩියෙන් බලද්දී තමා දැක්කේ ..
ගල් බොර ගහපුවා වගේ .. අයියූ හිල.. හිල නිසා දත රිදෙනෝ..

පුංචිකාලේ කිරි දතක් ගලවන්න ගිහින් දොස්තර ඇනටිගේ කට්ට දැකලා.. බය වෙලා ඇඩුනා බොලව්..
කිරි දත් නම් ගැලව්වට මොකෑ ආයේ එනවා නේ..
අනේ මගේ දත .. අබ සරණයි..

සිග්නල් සරණයි.
සිග්නල් වලින් මැද්දට වැඩ්ක් නෑ
මම දවසට දෙපාරක්ම මදිනවා එව්වයින්

දත් සැට් එක දවසට හතර පස් පාරක් කෙල්ල බලාගන්නවා වගේ බලාගනින් මචංලා.
මේ රිදෙන ආතල් එක ආයේ මොකෙක්ටවත් විදින්න නොලැබේවා..

Monday, June 4, 2012




වල්මත් වූ සිහිනෙක 
ගැඹුර සොයමින් මම
නූපන් දිනයක ඇති 
සතුට සොයා යන්නෙමි... 

හමුවෙයිද ?? නොලැබෙයිද ?? 
නුපන් දිනය මට..
හුදකලාවේ අවනඩුවක්මැය..

සිහිනය


Wednesday, May 30, 2012


දැන් බුකියටත් නොයන නිසා අද උදේ පාන්දරම රිංග ගත්තා එලකිරියට ඒකේ
මොකෙක්ද සිරා සිංදුවක් හොයලා තිබ්බා Hirimal Hinawaka කියලා
අර කුලියට මිණි මරන්න කියලා දීපු නාට්ටියේ ගිය එකක්.. (රන් සමනලයේ එකේ බං)
 
අම්බෝ..  ඒක බා ගත්ත ඔන්න 
පට්ට සිංදුව
බොහෙම අමාරුවෙන් ලිරික්ස් ටිකක් කොටා ගත්තා..
ඒකත් එලකිරියේ මොකකේද එකෙක් ඉල්ලලා තිබුන නිසා .. රේප් ටිකක් කඩාගන්න. ;)

කොහෙල්මල කොහෙම හරි දන්න දහිරිගැට ටික ඔක්කොම දාලා මේක ටයිප් කරගත්තා.. (පහල දාලා ඇති)
මේක අප්ලෝඩ් කිරීම තමා සඳ මොල්වෙන කේස් එක..
අයියෝ ඩයලොග් කිව්වාලු... මගේ ඩේටා ලිමිට් පැනලා මං පව් බං..
:( ගිගා 10 කින් මොනා කරන්නද දුප්පත් කමට ගත්ත මෙව්වා එක නේ..
නොදකින් මේ ඩයලොග් .  කිලින් ටෙලිකොම් මාමාලා අනිලිමිටඩ් දුන්නා නේ.. දැන් එක්ත් නෑ
සින් නොකදින් මේ වසල හැත්ත.. මුංගේ කොම්පැණියේ මහ උන්දෑට බෝල බෝල වැහි නැති අකුණු වදීවා

මේ ටික කොටන්න ගිය වෙලාවෙත් තාම අප්ලෝ‍ඩ්  වෙනවා..
මට දැන් ඩයලොග් එකේ එකාගේ අම්මාගේ අම්මත් මතක් වෙනවා..
අනේ ඕකුන් බංකොලොත් වෙලාම පල ..
(ඒකෙත් පාඩුව මේ පුංචි මට තමයි)






Download Song