Thursday, May 24, 2012


උඹ ඇඩුවදා ? 
නෑ ඇඩුනා..

මොකටද ඇඩුවේ / දුකටද ?
නෑ ආදරේට

කාටද බං කෑල්ලටද ??
නෑ අතීතයට

මොකක්ද බං අවුල ??
මං ලඟ නෑ

උඹ තාමත් ඒකිට ආදරේද ??
නෑ

උඹ අඩන්නේ උඹට ඒකිව ඕනද ?
එපා,

එහෙනම් පොන්*යා වගේ අඩන්නේ මොකද හු#%$^^$^$^  ??
ආදරේ හින්දා

Sunday, May 20, 2012




ජපානයේ ලෙඩ රෝග සුව පිළිබඳ සංගමය නම් ආයතනය ජලය පානය කිරීමෙන් නිදන්ගත වූ සහ රෝග සුව කිරීම පිළිබඳ සාර්ථක අත්හදා බැලීමක් කර, 100%ක් ප්‍රතිඵල ලබා ගන්නා පිළිවෙලක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව සුව කල හැකි වු රෝග මෙසේය.

1.අධික රුධිර පීඩනය,නිරත්තිය(ලේ අඩුකම,ලේ වල රක්තානු අඩු බව )
වාත රක්තය අංශභාගය,අධික හෘද ස්පන්දනය, අපස්මාරය,අතිස්ථුලතාව(තරබාරුව )
2.කැස්ස,උගුරේ ආසාදනය,ඇදුම,ක්ෂය රෝගය,මොලේ උණ,අක්මාව මුත්‍රාශය සම්බන්ධ රෝග.
3.අධි අම්ලතාව,උදර වාතය,ලේ අතීසාරය,මල බද්ධය,දියවැඩියාව,අර්ශස්
4.සියළුම ඇස් රෝග,අක්‍රමවත් මාස ශුද්ධිය,මුත්‍රා මාර්ගයේ පිළිකා
5.ඇසේ,කනේ හෝ දත් වල සියළුම රෝග.

01උදෑසනින් පිබිදෙන්න,දත් මැදීමට පෙර මි.ලී. 640 බැගින්(වතුර බෝතලයක් ) මද උණුවතුර ප්‍රමානයක් බොන්න.

ඉන්පසු,
(අ ).පැයක් යනතුරු දියර හෝ ඝන කිසිවක් ආහාරයට නොගත යුතුයි.
(ආ )ඉන්පසු සාමාන්‍ය ආහාර ගත හැකියි.
(ඇ )කෑම වේල් තුනටම පසු පැය දෙකක් යනතුරු කිසිම කෑමක් බීමක් නොගත යුතුයි.
(ඉ )රෝගී හෝ මහලු අයට එක් වර වතුර ප්‍රමාණය බීමට අපහසුනම් ටිකෙන් ටික නියමිත ප්‍රමාණය දක්වා එය දියුණු කල හැකියි.

මෙම ප්‍රතිකාරයෙන් රෝගීන් සුවපත් වන බවත්,නිරෝගී අයගේ තත්වය ආරක්ෂා වන බවත් සහතික කොට කිව හැකිය,

පරීක්ෂණ වලින් ඔප්පුවී ඇති ආකාරයට ඒ ඒ රෝග මෙම ක්‍රමයෙන් සුව කිරීමට ගතවූ කාලය.

(අ ) රුධිර පීඩ්නය - දින 30යි
(ආ )දියවැඩියාව- දින 30යි
(ඇ ) උදර වාතය-දින 10යි
(ඈ )මල බද්ධය- දින 10යි
(ඉ )ක්ෂය රෝගය-මාස 03යි
(ඊ ) පිලිකාව-මාස 06යි

වාත රෝග (ආතරයිටීස් ) රෝගයෙන් පෙළෙන අය දිනකට තුන් වරක් බැගින් සතියක් මෙය කල යුතුය.ඉන්පසු කළ යුත්තේ දිනකට වරකී.මෙයින් අතුරු ආබාධ ඇති නොවේ.මුල් දින කිහිපය තුල වැඩි වාර ගනනක් මුත්‍රා කිරීමට සිදු වේ.

අළුයම අවදී වූ විට කෙල ගසා කට නොසොදා,උණුකර මද රස්නයට නිවාගත් වතුර බෝතලයක් (මි.ලී.640 ) බඳුනකට දමා දෙ අතට ගෙන වාඩි වෙන්න.පාවහන් ඉවත් කරන්න.දෙ ඇස් පියා ගන්න,දැන් මෙසේ ජලයට බල පිහිටුවන්න.

බුද්ධ රත්නයේ අනන්ත ගුණ බලයෙන්,
ධම්ම රත්නයේ අනන්ත ගුණ බලයෙන්,
සංඝ රත්නයේ අනන්ත ගුණ බලයෙන්,
සියලුම බොසත්වරුන්ගේ අනන්ත ගුණ බලයෙන්,
දෙමාපියන්ගේ අනන්ත ගුණ බලයෙන්,
ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටෙන්,
ශ්‍රී දළදා වහන්සේ ගේ පිහිටෙන්,
සියළු දිවියන්ගේ පිහිටෙන්,
මා කරගත් කුසල් වල බලයෙන්,
මෙය මට බෙහෙතක් වේවා ! බෙහෙතක් වේවා ! බෙහෙතක් වේවා !
මෙයින් මා නිදුක් වේවා! සුවපත් වේවා ! දීර්ඝායු වේවා!
මාගේ ශරීරයේ ඇති සියළු රෝග මේ බෙහෙතින්ම සුවපත් වේවා !


• දැන් වතුර බීමට පටන් ගන්න.විනඩි 10ක් හෝ ගෙන බඳුන හිස් කලාට වරදක් නැත.වතුර බොන අතර තමන්ට ඇති සියළුම රෝග මෙනෙහි කර ඒවා සුව වේවායි ! සිතන්න.වතුර බිව් පසු පයක් ගතවනතුරු කිසියම් කෑමක් හෝ බීමක් නොගන්න.
• පැයකට පසුව උදේ තේ/කෝපී බොන්න.

• මෙසේ දින 10ක් කරන විට ශරීරයේ බර ගතිය අඩුවූවාසේ දැනේයි.එතැන් සිට සියළු රෝග සුව වීමට පටන් ගනී.යලි එම රෝග හෝ කිසිම රෝගයක් නොවැළදේවි.ශරීරයේ ඇතුලත ඇති සියළුම ඉන්ද්‍රීයයන් අළුත්වැඩියා වේවී.සම එමගින් වයස් ගත වීමට ප්‍රමාද වේවී.ක්‍රමයෙන් තරුණබවට පත් වේවී.සම පැහැපත් වේවී.බොහෝ කාලයක් ජීවත් වීමට නිරෝගී වාසනවන්ත අයෙක් වේවී.







මේක මම එලකිරියේ දැකපු එකක්..
කාටත් වැදගත් නිසා දැම්මා

Sunday, May 13, 2012



ඔබා මමාට නිවන්සුව අත්වේවා... !

බ්ලොග් කියවන කව්රුත් හොදින් දන්නා අදුරන
ඔබා මමාගේ හදීසි අභාවය පිලිබද
බලවත් කණගාටුව

ඔබා මාමේ අපේ සිත් තුල ඔබ සදා අමරණියයි.


Sunday, May 6, 2012


රටට ආදරය ඇත්තෝ උදව් කරන්න!
HELP IF YOU LOVE YOUR COUNTRY!

CHANNEL 4 වල ලංකාවට එරෙහි වීඩියෝව Bafta TV Awards 2012 : Current Affairs යන සම්මානය දිනීම වලක්වන්න!

Stop 'CHANNEL 4: SRI LANKAN KILLING FIELDS' video winning ' Bafta TV Awards 2012 : Current Affairs' award!

STEP 1: මෙම ලින්කුවට යන්න මෙතන Click කරන්න (Go to this Link)

http://www.radiotimes.com/news/2012-04-23/bafta-tv-awards-2012-nominees-current-affairs---which-should-win#pd_a_6166811%23pd_a_6166811 )

STEP 2: Bahrain: Shouting in the Dark (Al Jazeera) එකට VOTE කරන්න
(Vote: Bahrain: Shouting in the Dark (Al Jazeera))


මම vote කරපු වෙලාවේ result එක මෙන්න..
කොහොම හරි channel 4 පරද්දමු..


Thank you for voting!

Bahrain: Shouting in the Dark (Al Jazeera)  51.16%  (622,152 votes)


Sri Lanka’s Killing Fields (Channel 4)  48.57%  (590,605 votes)


The Truth About Adoption - Panorama (BBC1)  0.14%  (1,676 votes)


Undercover Care - The Abuse Exposed (BBC1)  0.14%  (1,661 votes)


Total Votes: 1,216,094


Sunday, April 29, 2012

අෆ්ෆා .. ලියන්න දෙයක් නැතුව වේලෙන කොට මරු මේව්වා එකක්
බුකුයේ කෙල්ලෙක් මට පාදලා දුන්නාය..
සේ පළමුව ඔන්න තෑන්ක්ස් ඔයාට (නම දාන එක කුජීතයි නේ..)

හිකිස්..

මං ඉස්සෙල්ලාම ඔයාලගෙන් අහන්නේ
ඔයා
ඔයාගේ පෙම්වතාට / පෙම්වතීට අයියා හෝ නංගී කියා කියනවාද ??(උඔලා මොනා කිව්වත් මට කමක් නෑ)

හිකිස්.. 99% ක්ම

ඔව් නේද ???

ඇයි අෆ්ෆා තමන්ගේ (වෙන්න හෝ වෙච්ච) මනුස්සයාට  අයියා / ගෑණිට නංගී කියන්නේ.. ??

මට මේක මාර අවුලක්.. කෙල්ලෙක් එක්ක කථා කරන්නත් බයයි..
ඒකි අයියා කියලා කිව්වහම මොන රෙද්දට කියනවාද කියලා හිතාගන්න බෑ නේ...


දැන් ඉන්න උන් අම්මාට කියන්නේ අම්මී කියාය..
තාත්තා තාත්තීය.. මේකේ මූලාරම්භය මං හිතන්නේ මුන් කිරි බීලා හැදුන උන් නෙමෙයි..
කුක්කු බීලා හැදුන උන් නේ ඉන්නේ..
ෆිගර් එක අවුල් වෙනවාට අම්මලා කිරි දෙන්නේත් නැත.. කුක්කු කුඩු වතුරට දාලා කලත්තලා නේ දෙන්නේ..
ඉතින් ඕවා බීපු උන්ගේ අම්මලා අම්මී වෙනවාය..  තාත්තා තාත්තී වෙනවාය..

කොහොම උනත් තොපි සැට් වෙලා අපේ සංස්කෘතිය කනවාය..
බොලා පොෂ් වෙන්න කියලා කරන්නේ.. අපේ අනන්‍යතාව කන එක විතරයි..
මං දන්න තරමින් ලෝකේ සිංහල කථා කරන එකම රට ලංකාව විතරයි.. 

එහෙම වෙලත් අපි ඇයි අපේ බස විකෘති කරන්නේ.. ??
අපි අපේ භාෂාව රැකගමු..
හම්බයන් පන්නන්න කියල ලෝකෙට කෑ ගහලා..
මූණු පොතේ රගන උඔලා රට රැක ගන්න කලින් තමන්ගේ භාෂාව රැකගන්න එක හොදයි නේද ??

අපි අපේ අනන්‍යතාව ගොඩ නගමු එතකොට එකෙකුටවත් අපිට විරුද්ද වෙන්න බෑ..



* ප.ලි
මේක ජාතිවාදී පොස්ට් එකක් නෙමේ..
බොරුවය එක එකාලා හදන පින්තූර ශෙයාර් කරන්න කලින් .. මේ ගැන හිතලා බලන්න..

**
ප.ප.ලි
බ්ලොග් ලියලා මේ රටේ මිනිස්සු හදන්න බෑ කියලා මං දන්නවා..
ඒත් කැමති උන් හැදෙන්නේ නැතැයි..

*** ප.ප.ප.ලි
මම හැමදාම ලියන්න පටන් ගන්න ඒකෙන් නෙමෙයි ඉවර වෙන්නේ..
සික් අදත් ඒකමයි උනේ